මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කෙරේ

ලිබියාවේ දශක හතරකට අධික කාලයක් පාලනය ගෙන ගිය මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා මෙන්ම ඔහුගේ දේශපාලන උරුමක්කාරයා ලෙස සැලකූ සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි..ඉකුත් 3 වන දින මෙම සිදුවීම වාර්තා වී ඇති අතර දැනට ලැබී ඇති වාර්තාවලට අනුව, සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනයට ලක්ව ඇත්තේ ලිබියාවේ බටහිර දෙසින් පිහිටි සින්තාන් නගරයේ ඔහු රැඳී සිටි නිවසේදී ය. මුහුණු ආවරණය කරගත් සිව්දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කල්ලියක් ඔහුගේ නිවසට කඩාවැදී ප්‍රහාරය සිදු කර ඇති අතර
ප්‍රහාරකයින් නිවසට ඇතුළු වීමට පෙර එහි ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රිය කර ඇති බවත්, පසුව ඔහු සමඟ සෘජු ගැටුමකට එළඹ වෙඩි තබා ඇති බවත් ඔහුගේ දේශපාලන කාර්යාලය පුවත් උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසයි.වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සයිෆ් අල්-ඉස්ලාම් එම ස්ථානයේදීම මියගොස් ඇති බව ලිබියානු නීතිපති කාර්යාලය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තහවුරු කර තිබේ.1972 දී උපත ලැබූ සයිෆ් අල්-ඉස්ලාම්, ගඩාෆි පවුලේ වඩාත්ම ප්‍රමුඛ සහ බටහිර ලෝකයට හිතවාදී මුහුණුවරක් ගත් පුද්ගලයා විය. 2000 වසරේ සිට ගඩාෆි පාලනය බිඳ වැටෙන තෙක් ඔහු බටහිර රටවල් සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට විශාල උත්සාහයක් ගත්තේය. එසේම 2011 ලිබියානු නැගිටීම අතරතුර විරෝධතාකරුවන් මර්දනය කිරීමට නියෝග දීම සම්බන්ධයෙන් ඔහුට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වූ අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ඓCC) විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.
මුවම්මර් ගඩාෆි 1969 සිට 2011 දක්වා ලිබියාව පාලනය කළ අතර, ලිබියානු නැගිටීම අතරතුර බලයෙන් පහකර මරා දමන ලදී.

.

කාලීන පුවත්