මුහුදේ අතරමං නැවියන් බේරා ගන්න නාවික හමුදා “සමුදුර” යයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් සියයක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් MV Integrity star වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සමුදුර නෞකාව පිටත්ව ගොස් තිබේ.
මෙම සෝදිසි හා ගලවා ගැනිමේ මෙහෙයුම් ක්ෂණිකව දියත් කර ඇත්තේ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙනි. ආපදාවට පත් මෙම නෞකාවේ ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයන් 14 දෙනෙකු සිටින බව වාර්තා වී තිබේ.

කාලීන පුවත්