මෙරට ගෙවතු වගා බිම් වල රටේ ජනගහණයෙන් තුනෙන් එකකටත් වඩා රිළවුන් ඉන්නවලු

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව දිවයින පුරා ග්‍රාමීය,නාගරික ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී ග්‍රාමීය,නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව පමණක් රිළවුන් ලක්ෂ 88 ක් පමණ සිටින බවට අනාවරණය වී තිබීම බරපතල ගැටළුවක් වී තිබේ.එය මෙරට ජනගහනයෙන් තුනෙන් එකකටත් වැඩි සංඛ්‍යාවකි.මෙම තත්ත්වය නිසා දත්ත නිරවද්‍යතාවයෙන් තොර ප්‍රදේශවල නැවත සංගණන කටයුතු සිදු කළ යුතු බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.නමුත් ඒ සම්බන්ධයෙන් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සත්ව සංගණනයක් ලෙස සිදු කරන ලද මෙම තොරතුරු විමර්ශනයේ ක්‍රමවේදයේ පැවැති නොවිධිමත් බව බව නිසා මින් ලැබී ඇති සියළුම සංඛ්‍යාත්මක දත්ත විශ්වසනීයත්වයෙන් තොර බවකි.එබැවින් මෙය මීට වඩා විධිමත් වෙනත් ක්‍රමවේදයක් අනුව සිදු කළ යුතු බව ද ඔව්හු වැඩි දුරටත් පෙන්වා දෙති.

කාලීන පුවත්