මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ලියාපදිංචි වී තිබේ. .මෙය පසුගිය වෙසක් උත්සව වලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රවර්ධනයක් බව ද පැවසෙයි.කොළඹ ආසන්න ප්‍රදේශවල ප්‍රදර්ශනය කෙරෙන වෙසක් තොරණ අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හංදිය, ඔරුගොඩවත්ත, තොටළඟ යන ප්‍රදේශවල තොරණ 3ක් ද, දෙමටගොඩ එක් තොරණක් ද, බොරැල්ල තොරණ කැම්බල් පිටියේ ද, කැලණිය පොලිස් වසමේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් තොරණ 3ක් ද, පිටකොටුව බෝධිය අසල තොරණ ද, පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ ද, වැලිකඩ නගරයේ තොරණක් ද, මහරගම නගරයේ තොරණක් ද, කොට්ටාව නගරයේ තොරණක් ද, හෝමාගම නගරයේ තොරණක් ද, දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද, බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද, පිළියන්දල නගරයේ තොරණක් ද, කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද, මොරටුව නගරයේ තොරණක් ද, අතුරුගිරිය තොරණක් ද, මාලබේ තොරණක් ද ප්‍රදර්ශනය කෙරෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.එමෙන්ම කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගයේ, කොළඹ මහ නගර සභා මාර්ගයේ වෙසක් කලාප කිහිපයක් ද මැයි 12 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙවර වෙසක් උත්සවය මුල් කොට විශේෂ රථ වාහන වැඩ සටහනක් සේම වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතා සඳහා කොළඹ සේම සෙසු ප්‍රදේශ වල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සංවිධානය කොට ඇති අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන අතර හදිසි තත්වයන් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීම පිණිස ආරක්ෂක හමුදා සේනාංක ද සීරුවෙන් තබා ඇත.එමෙන්ම වෙසක් දන්සල් වලින් ලබා දෙන ආහාර පාන මුල් කොට මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම උදෙසා මැයි 12, 13, 14 තෙදින තුළ දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2300ක් යෙදවීමට නියමිත බව ද එම සංගමය කියයි.