අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්රික්කවල යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර.නාඩු වී කිලෝග්රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්රෑමයක් රුපියල් 132කටත් වශයෙන් ගොවීන් ගෙන් ඒවා මිලදී ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරයි.ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06 ක් වෙන් කර තිබේ.