රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ආපන ශාලාවල ටෙන්ඩර් කොන්දේසි අනුව මිල ගණන් නියම වී තිබුණද, අඩු මිලට ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පෙන්වා දෙයි.එබැවින් මේ තත්ත්වය වෙනස් කර, රෝහල් වෙත පැමිණෙන සාමාන්‍ය ජනතාවටද එම ටෙන්ඩර් කොන්දේසි අනුව සහනදායී මිලට ආහාර මිලදී ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවට වන යෝජනාවක් සිය සංගමය විසින් පාරිභෝගික සේවා අධිකාරියට ඉදිරිපත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.