රජයේ සේවකයන්ට හෙට සිට සෑම බදාදාවකම නිවාඩු

මේ දිනවල පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා රජයේ සේවකයින්ට හෙට (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊයේ මේ බව ප්‍රකාශ කොට තිබේ.එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින හතරේ ද ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.
පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර ඇතත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවේ.මේ අතර මෙම තීරණය පෞද්ගලික අංශයේ සේවකයන් හටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසයි.මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබේ.නමුදු අවශ්‍ය පරිදි Zඌම් තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇත.

කාලීන පුවත්