පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බව අතර අනතුරට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ යාන්ත්‍රික පරීක්ෂණ වාර්තාව පමණක් මේ වන විට පොලීසියට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.අදාළ වාහන පරීක්ෂණ වාර්තාවට අනුව, අශෝක රන්වල මහතා ධාවනය කළ රථයේ තිරිංග නිසි නඩත්තුවකින් තොරව තිබී ඇති අතර, තිරිංග පද්ධතියේ දෝෂයක් පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තාව ලැබුණු පසු අශෝක රන්වල මන්ත්‍රීවරයාට එරෙහිව ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ තීරණය කරන බව සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පවසයි.නමුත් එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රී වරයා ගෙන් ප්‍රකාශයක් ලබා නොගැනීම හා ඔහු මත් පැන් පානය කොට සිටියේ ද යන්න ඒ අවස්ථාවේ පරීක්ෂාවට ලක් නොකිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව වෙතින් මේ වන විට පොලීසිය වෙත දෝෂාරෝපණ එල්ල වෙමින් තිබේ.