රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ඇරයුමක් ලැබුණු කතාව ඇත්තක්

එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එම විශ්වවිද්‍යාලය තහවුරු කොට ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත.මෙම ලිපිය, හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023 වසරේදී ගෞරව උපාධියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද්දකි.

කාලීන පුවත්