හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර ලැයිස්තුව නීත්‍යානුකූල බවත්, ඒවා නිවැරදි ආකාරයෙන් ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ මහතා සිය countdown with waruna අන්තර් ජාල නාළිකාවට එක් කළ වීඩියෝවක් මඟින් සඳහන් කරයි .අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී මෙම බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල කරන ලද අතර, ජනාධිපති නීතීඥ සාලිය පීර්ස් මහතා ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බැවින් එය වහා අත්හිටුවන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කරන ලදී .