හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ ( 22)රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදුව ඔහු ඊයේ රාත්‍රියේම කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත යොමු කොට තිබේ.එමෙන්ම අධිකරණ නියෝග මත එහි දී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණු ඒ මහතා ශරීරයේ සීනි සංයුතිය සහ රුධිර පීඩනය ඉහළ යාම මත මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබේ.වික්‍රමසිංහ මහතා මේ වන විට රෝගාබාධ කිහිපයක් සඳහා ප්‍රතිකාර ලබන්නකු බව ද පැවසෙයි.ඔහු මෙලෙස අත් අඩංගුවට පත් වූයේ රාජ්‍ය තාන්ත්‍රික නොවන විදේශ සංචාරයක් සඳහා රුපියල් කෝටි එක හමාරක රාජ්‍ය මුදලක් අව භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවකට ය.