රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 කට නොවැඩි උත්සව අත්තිකාරමක්

එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් රාජ්‍ය සේවකයින් වෙත ලබා දෙනු ලබන රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදල ගෙවීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් කර තිබේ.මෙම විශේෂ චක්‍රලේඛය, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත. .වාර්ෂිකව සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන මෙම අත්තිකාරම් මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සෑම වසරකම ජනවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කෙරෙන අතර,අදාළ වර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනයෙන් එම ගෙවීම් කටයුතු අවසන් කිරීමට වගකිවයුතු අංශ ක්‍රියා කළ යුතු බව එම උපදෙස් මාලාවේ සඳහන්ව තිබේ..රාජ්‍ය නිලධාරීන් විසින් ලබා ගනු ලබන මෙම අත්තිකාරම් මුදල නැවත අය කර ගැනීමේදී ඊට සියයට 8 ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන අතර, සමාන මාසික වාරික දහයකින් අදාළ මුදල වැටුපෙන් අය කර ගැනීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කාලීන පුවත්