මේ වන විට දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවත් පවසමින් අද (11) පෙරවරුවේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණි අතර එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අයුරුද දක්නට ලැබුණි.