මෙරට හානි කරන රිලවුන්,වඳුරන්,දඬු ලේනුන් සහ මොනරුන් වන සතුන් පිළිබඳ සංගණනයක් වශයෙන් නම් කළ තොරතුරු විමර්ශනයට ඉකුත් 15 වන දාට දෙමසක් පිරී ඇතත් ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් මේ දක්වාත් නිකුත් නොවීම පිළිබඳව බොහෝ දෙනකු ගේ අවධානය යොමු වී තිබේ.2025 මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක් තුළ එම වන සත්ව සංගණනය පැවැත්වුණු අතර ජන සහභාගීත්ව සංගණනයක් ලෙස එය සංවිධානය කරන ලදී.අදාළ සංගණනයට පෙර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම සංගණනය අදාල අංශ වල විශේෂඥ උපදෙස් මත හා ගම් මට්ටමේ රජයේ නිලධාරීන් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරීගේ අධීක්ෂණය යටතේ ජනතා සහභාගීත්වයෙන් සිදු කරන බවකි.අදාළ වන සතුන් සම්බන්ධ දත්ත පිරවීම සඳහා ජනතාවට පත්‍රිකාවක් ද බෙදා දෙනු ලැබූ අතර එම දත්ත පත්‍රිකා ගමේ රාජ්‍ය නිලධාරීන් විසින් එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යොමු කරන බවත් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනෙන දත්ත කොළඹ එක් ස්ථානයකට ලබා ගන්නා බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සංගණනයට පෙර සඳහන් කර තිබිණ.නමුත් එම තොරතුරු විමර්ශනයෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කොට තිබුණේ අදාළ වන සත්ව සංගණනයේ දී ඇතැම් තැන් වල දත්ත ලබා ගැනීමේදී දෝෂ කීපයක් වාර්තා වූ බවත් එය නිවැරදි කර ගැනීමෙන් පසුව අදාල දත්ත වාර්තාව එළිදක්වනු ඇති බවත් ය.එහෙත් එම තොරතුරු විමර්ශනය කෙසේවත් විද්‍යාත්මක පදනමක් නොමැති හුදු දේශපාලනික කාරියක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනයන් ඇතුළු අදාල විෂය සම්බන්ධ විද්වතුන් කිහිප දෙනකු විසින්ම පෙන්වා දී තිබීම ද විශේෂත්වයකි.නමුත් එම වනසත්ව තොරතුරු විමශනයෙන් මාස දෙකක් ඉක්ම ගිය ද අදාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම මත එය වත්මන් ආණ්ඩුවේ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් යොමු වෙමින් සිටිති.