රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

මේ වන විට මතභේදයට තුඩු දී ඇති රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව සිය සොයාගැනීම් ඇතුළත් වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය.ඊට අමතරව මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.එසේම මෙම ක්‍රියාවලියට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට හෝ තොරතුරු වසන් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ද් පැවසීය. ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අදාළ කමිටුව, පසුගිය ජනවාරි 30 වන දින පත් කරන ලදී.

කාලීන පුවත්