රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇත.ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කොට ඇත්තේ පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බවකි.ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2025 පෙබරවාරි 14 වන දිනැති ලිපියක් මගින් රොෂාන් මහානාම 2025-2028 ධූර කාලය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.ඔහු එම පත්වීම භාරගෙන තිබුණේ 2025 පෙබරවාරි 20 වනදාය

කාලීන පුවත්