ලංගම බස් ඔක්කොම පරීක්ෂාවකට

පසුගිය දා සිදු වූ කොත්මලේ බස් අනතුර මුල් කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.ඔහු පවසනුයේ ඒ සම්බන්ධ අවශ්‍ය උපදෙස් ඉදිරියේදී සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත ලබාදෙන බවයි.මේ අතර එම අනතුරට ලක් වූ කතරගම ඩිපෝවට අයත් බස් රථය මේ වන විට කොත්මලේ පොලීසිය වෙතට ගෙනවුත් ඇති අතර කතරගම ඩිපෝවේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකයකු ගේ සහභාගීත්වයෙන් එම බස් රථයේ යාන්ත්‍රික තත්වය පරීක්ෂා කිරීමට නියමිතය.

කාලීන පුවත්