නව විදුලිබල සංශෝධන පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරක් වශයෙන් ප්‍රතිව්‍යුහත කර තිබේ.ඒ අනුව විදුලිය ජනනය, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් හතර ස්ථාපිත කොට ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.එම සමාගම් වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්,ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි.විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයින්ට රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනුයුක්ත වීමට ඉල්ලුම් කළ හැකි අතර.ඒ සඳහා අද(27) සිට මාස දෙකක කාලයක් ලබා දී තිබේ.ඒ සම්බන්ධයෙන් සියලු සේවකයින්ට දැනුම් දෙන බව ද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.එමෙන්ම එලෙස නව සමාගම් වල සේවය කිරීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බව ද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.මේ අතර පිහිටවූ නව සමාගම් ඉහළ කළමණාකාරිත්වය සඳහා දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහල තනතුරු හොබවන ඉංජිනේරුවරුන් බඳවා ගැනීමට ද සැලසුම් කොට තිබේ.