ලසන්ත ඝාතනයට හමුදාවෙන් පලා ආ අයෙක් ඇවිත්!

ඉකුත් 22 වන දා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම පිණිස යුද හමුදාවෙන් පළාගිය අයෙකු පැමිණ ඇති බවට විමර්ශන කණ්ඩායම් මේ වන විටත් සොයාගෙන ඇති අතර ඝාතකයන් පලායන අවස්ථාවේ ස්ථාන කිහිපයකදී යතුරුපැදිවල අංක තහඩු සූක්ෂම ලෙස මාරුකර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු ප්‍රාදේශීය සභාවේ නිල අසුනේ සිටියදීයි.පොලිසිය පවසන්නේ මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව සැක කරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවයි.ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසානභූමියේදී සිදු කිරීමට නියමිත බව ද පැවසෙයි.

කාලීන පුවත්