“ලූස්” පොල්තෙල් වෙනුවට “සීල්” පොල් තෙල්

පාරිභෝගිකයන් සඳහා ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලැසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව මුද්‍රා තැබූ බෝතල් වල ඇති පොල් තෙල් පමණක් අලෙවි කිරීමටත් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කරමින් කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත් කටයුතු කරන බව අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා කියා සිටී.
වසරක පමණ කාලයක් තුළදී මෙම තීරණය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.මෙම තීරණයට අනුගත වීම සඳහා නිෂ්පාදකයන් වෙත මාස අටක පමණ සහන කාලයක් ලබාදෙන බවද සභාපතිවරයා කියා සිටී.කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්