වත්කම් සහ බැරකම් හෙළි කරන්නැයි මහින්දට නොතීසි

අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.රාජපක්ෂ මහ්තාගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කර ඇත.ඉහත කරුණ සම්බන්ධ විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති බවත්, එබැවින් අප්‍රේල් 10 වැනි දිනෙන් පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට රාජපක්ෂට තවත් කාලයක් ලබා නොදෙන බවත් කොමිසම හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර ඇත.මේ අතර, දින 12ක් ඇතුළත වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා (3) නොතීසි නිකුත් කොට තිබේ.දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති අතර, අදාළ කාල සීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කොමිසම දන්වා තිබේ.

කාලීන පුවත්