වන අලි ඝාතනත් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් ?

මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් තවමත් පැහැදිලිවම කරුණු ඉදිරිපත් කළ නොහැකි රජයට එරෙහි කුමන්ත්‍රණයක් ද යන්න සැකයක් මතු වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.මේ සම්බන්ධයෙන් තමන්ට ද යම් යම් තොරතුරු ලැබී ඇති නිසා ඒවා සනාථ කොට ගැනීමෙන් පසුව අලි ඝාතන කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව හැකි ඉක්මණින් හෙළි කරන බවද ඔහු අවධාරණය කරයි.වන අලි-ඇතුන්වෙඩි තබා කිරීම පිළිබඳව සොයා බලන්නැයි ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පසුගිය දා පැමිණිල්ලක් ගොනු කළ බව ද අමාත්‍යවරයා පැවසීය.මිය ගිය අලි ඇතුන් පස් දෙනෙකුගේ සිරුරු ඊයේ ( 22) පමණක් සොයා ගෙන ඇති අතර තවත් අලි තිදෙනෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව රක්ෂිතය තුළ ඇති බවට වාර්තා විය.ඒ අනුව, ඊයේ දිනයේදී පමණක් වන අලි මරණ අටක් පිළිබඳව තොරතුරු හෙළිව තිබිණි.මේ අතර වන අලින් ගේ ස්වභාවික වාස කලාප වලින් ඔවුන් පලවා හැරීමට දරන උත්සාහයන් හිදී ඔවුන් ගේ චර්යාතමක විෂමතා හට ගෙන මිනිස්-අලි දෙපාර්ශවයටම බරපතල හානි සිදුවිය හැකි ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ඇති විද්වතුන් පෙන්වා දෙමින් සිටියදීම රජය පසුගිය කාලයේ සිට දියත් කරන ලද වන අලින් පලවා හැරීමේ නොවිධිමත් ක්‍රියා පටිපාටිය නිසා වන අලි මරණ මෙතරම් ඉහළ ගොස් ඇති බව ඒ සම්බන්ධ තතු දත් විද්වත්හු පෙන්වා දෙති.

කාලීන පුවත්