මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මහජන අවධානය වේගයෙන් තීව්‍ර වන අතරේ සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මිය ගොස් ඇති වන අලි සිව් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපි යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි ඇතුන් බොහෝ දෙනෙක් මේ වන විට දඩයක්කරුවන්ගේ හෝ අනවසර ගිනි අවි දරන්නන්ගේ හෝ ගොවීන්ගේ හෝ ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් මේවන විට දැක ගත හැකිය. මේ තත්ත්වය ලංකාවේ අලි ඇතුන් ගැවසෙන සෑම ප්‍රදේශයකම දිනපතා වාර්තා වන තත්වයක් බවට පත්වී ඇත.
ඒ අනුව මේ තත්ත්වය දිගින් දිගටම සිදුවන බව වාර්තා වන බැවින් ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් විශේෂ විමර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.නමුත් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් තුළ වන ජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පවත්නා උනන්දුව මඳවීම මුල් කොට මේ වන විට වන අලි-ඇතුන් ඝාතනය කිරීම් ඉහළ ගොස් ඇති බවට ද ජනමතයක් ගොඩ නැඟී තිබේ.