වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කළ නම ප්‍රතික්ෂේප වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කරන ලද නම ද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි.ජයරත්න මහත්මියගේ නම යෝජනා වී තිබූ අතර ඇයගේ පත් වීමට පක්ෂව ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු ඡන්දය පාවිච්චි කර තිබූ අතර සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණ.මීට පෙර ද මේ සඳහා එච්.ටී.පී. චන්දන සහ එච්.ඩී. ධර්මපාල යන අයගේ නම් නිර්දේශ කළද ව්‍යවස්ථායක සභාවේ අනුමැතිය ඊට හිමි වූයේ නැත

කාලීන පුවත්