වැඩිපුරම මිනිසුන් සපා කා ඇත්තේ ගෙවල් වල ඉන්න “බලු රාළ” ලා

තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇති බවත් එමෙන්ම වාර්ෂිකව වාර්තා වන දෙලක්ෂ පනස් දහසක් පමණ වන සුනඛ සපා කෑම් වලින් අති බහුතරය ගෘහස්ථ සුනඛයන් ගේ සපා කෑම් බව සායනිකව තහවුරු වී ඇති බවත් මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය පාලනය කිරීමේ පශු වෛද්‍ය එකමුතුවේ ( Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.ඒ අනුව තම තමන්ගේ නිවෙස් වල හිඳින සුනඛයන් හට නිසි පරිදි ජල භීතිකා එන්නත් ලබා දීමෙන් එම රෝගය පැතිර යාම බොහෝ දුරට පාලනය කර ගත හැකි බව ද ඔහු පවසයි. එමෙන්ම එමෙන්ම තම සංසදය ඇතුළු සංවිධාන ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කරන ජලභීතිකා එන්නත් සහ සුනඛ වන්ධ්‍යාකරන වැඩ සටහන් මඟින් මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය පාලනය කිරීමේ හැකියාව මනාව ඔප්පු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ වගකීම් නිසි පරිදි ඉටු වේ නම් ඉතා කෙටි කලක් තුළ අප රට ජල භීතිකාවෙන් නිදහස් කර ගත හැකි වන බව ද පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.

කාලීන පුවත්