පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය වැඩි බහුතරයක් හිමි කරගෙන තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගයට අද (24) හැකි විය.එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.