පැහැර ගෙන ගිය බවක් පැවසුණු වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා කළ රඟපෑම ඉතා දක්ෂ එකක් බවත්, එහි තිර රචනය ද නිසි අයුරින් තිබූ නමුත් දිගටම මේ අයුරින් රඟපෑමට ගියහොත් ආණ්ඩුවට වැඩි කල් සිටීමට නොහැකි වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.එම කතා පුවත ටෙලි නාට්‍යයක මෙන් කදිමට සැලසුම් කළ එකක් බව පොලීසියට අනාවරණය කර ගත නොහැකි වී ඇති බව පැවසූ ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ පසුගිය ආණ්ඩු වසර හැත්තෑ හයක් තුළ සිදු කළ බව පැවසෙන ක්‍රියා වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟම අරඹා ඇති බවක් පෙනී යන බව ය.