රජයේ විගණකාධිපති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර එවන ලද සමුදිකා ජයරත්න මහත්මිය ගේ නම ඒකමතිකව අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ (3) කටයුතු කර තිබේ.මින් පෙර ඇය රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කර ඇත.වසරකට අසන්න කාලයක් රටේ විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම සම්බන්ධව රටේ දැඩි මතභේදයකට තුඩු දී තිබූණි. රජයේ විගණකාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වූ අතර එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ හේතූව මත ජනාධිපතිවරයා මීට පෙර එවන ලද නම්වලට අනුමැතිය ලබා දීමට ව්‍යවස්ථා සභාවට නොහැකි විය.ඒ අනුව ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට පත් ප්‍රථම කාන්තාව ලෙස ද සමුදිකා ජයරත්න මහත්මිය ගේ නම ඉතිහාසයට එක් වනු ඇත.