තමන් ජනාධිපති ධූරය දැරූ සමයේ ද තමන් විසින් ද විගණකාධිපතිවරයෙකු පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.“මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා. ඒ පත් කරපු හැටි බැලුවා නම් ලේසියි. ඕක පැයක වැඩක්නෙ.”යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේ මාස ගණනාවක් පුරාවට විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.මේ වන විට ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන අයවැය පරාජය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, ප්‍රජාත්‍රන්තවාදය තුළ පළාත් පාලන නීතිය යටතේ ජන්ද විමසීමක් සිදු කළ හැකි නිසා, එහිදී ඕනෑම කෙනෙකුට ප්‍රජාත්‍රන්ත්‍රවාදීව ජන්දය භාවිතා කළ හැකි බවයි.
“ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත ආණ්ඩුව හොඳ මාර්ගයේ යනවද කියලා කියන්න බෑ . සාමාන්‍යයෙන් අවුරුදු තුනක් විතර යනකොට තමයි අලුතින් පත් වෙච්ච ආණ්ඩුවක් පිළිබඳව අපිට කියන්න පුලුවන්; වැරදිද හරිද කියන එක…”වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා එසේ ද කීය.