විදුලි බිඳ වැටීම් තිස් දහසක්

මේ දිනවල බලපවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.තද සුළං තත්වයත් සමග රැහැන් පද්ධතියට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලිය බිඳ වැටීම් බහුලවම වාර්තා වන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.එමෙන්ම විදුලි බල වෘත්තීය සමිති මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද විය හැකි බව, විදුලි බල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති උදයංග හේමපාල මහතා සදහන් කළේ බාධාවකින් තොරව එම යථා වත් කිරීම් සිදු කෙරෙන බවයි.

.

කාලීන පුවත්