විදුලි බිල ඉහළ නැංවීම තේ කර්මාන්තයට තර්ජනයක්

රජය විසින් විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාවට විවිධ ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.ඔහු සඳහන් කළේ, විදුලිය ගාස්තු වැඩිවීම නිසා නිෂ්පාදන පිරිවැය ලාභය ඉහල යාමෙන්, ඉන්දියාව සහ කෙන්යාව වැනි තරඟකරුවන් සමග සෘජු තරඟයකට මුහුණ දීම අපහසු බවයි.
තවද නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය අඩාල වුවහොත්, තේ කර්මාන්තයෙන් සෘජුව ජීවත් වන ලක්ෂ 20ක ජනතාවට දැඩි ආර්ථික බලපෑම් එල්ල විය හැකි බව පැවසූ ධනේෂ් දේවනායගම් මහතා මෙම පසුබිම මත, බලධාරීන් මේ වෙනස පිළිබඳව ගැඹුරු සලකා බැලීමක් සිදු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

කාලීන පුවත්