කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි.
සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන තම සංචාර ගමනාන්ත දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බව ද කමල් අමරසිංහ මහතා මෙහිදී කීය.වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දී මෙතෙක් එම කටයුතු සිදුකරුණු මුත් ඉන් සංචාරකයන්ට සිදු වන දුෂ්කරතාව දුරලෞ පිණිස හෙට සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.මෙරටට සංචාර සඳහා පැමිණෙන ඇතැම් විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා පවසයි.