මේ වන විට විදේශ රටවලදී අත් අඩංගුවට ගත් අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය පොලීසිය විසින් විශාල මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී අදහස් දැක් වූ ඔහු වැඩි දුරටත් මෙසේ කීය.
“අපරාධකාරයො අරන් එන එක තරම් දර්ශනීය, අලංකාර ප්රවෘත්ති අද අපට අහන්න ලැබෙන්නෙ නැහැ. ගුවන් යානයෙන් බහින තැන දක්වා ඒක ඉතාම විචිත්‍රවත් මාධ්‍ය සංදර්ශනයක් බවට පෙරළාගෙන තියෙනවා. මීට පෙර අතීතයේ හිටපු ආණ්ඩු මීටත් වඩා භයානක අපරාධකාරයො විදේශ රටවලදී අත් අඩංගුවට අරගෙන ලංකාවට ගෙනාවා උදාහරණයක් හැටියට කේ.පී. කියන පුද්ගලයාව ලංකාවට ගෙනාවා, ඒත් ගෙනාපු විදිහ කවුරුත් දැක්කෙ නෑ .අපේ ක්‍රීඩකයො ක්‍රීඩිකාවො විදේශ රටවල ගිහිල්ලා පදක්කම් අරගෙන එනවා, කෝ ඒවාට මේ විදිහේ මාධ්‍ය ආවරණයක් ? පොලීසිය මේක අද විශාල ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලියක් බවට පත් කරගෙන”