රජය මඟින් ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය වරියට ඉල්ලා අස් වන ලෙසටත් බල කරමින් හෙට (12) උදෑසන 9.00 සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ”දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය තීරණය කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.ඊයේ (10) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය සිදුකිරීමට යන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක් බවත් මෙම තත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේ ද වැඩි අවධානයක් යොමු විය යුතු බවත් විමල් වීරවංශ මහතා කියා සිටියි. මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාරමක් පවතින බවත් එම මුදල් යන්නේ කාටදැයි සොයාබැලීම ද ඉතා වැදගත් වන බවත් විමල් වීරවංශ මහතා සඳහන් කරයි.පාසල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවත් නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේ ද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන් සකස් කළ යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩිමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුවන බව ද විමල් වීරවංශ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනුයේ 12 වැනි දා ආරම්භ කරන අඛණ්ඩ සත්‍යග්‍රහය මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තුරු අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.