ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් හේතුවෙන් රජයට සිදුවූ මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.අල්ලස් කොමිසම විසින් පසුගිය මාසයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබුණි.

කාලීන පුවත්