ඊයේ(05) සවස UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරන අතරේ හටගත් කාර්මික දෝෂයක් මත ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් සිදු කර තිබේ.එහිදී එම ගුවන් තොටුපලේ තාක්ෂණික කණ්ඩායමක් ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බව ප්‍රකාශ කොට ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කර ඇත.. ඒ අනුව දෝෂය නිවැරදි කරන තෙක් සාමාන්‍ය ක්‍රමවේදයට අනුව එම ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.නමුත් ආගමන විගමන රෙගුලාසි මත එම ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු නිලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර තිබේ.මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් යානය අලුත්වැඩියා කිරිම සඳහා ඉංජිනේරු කණ්ඩායමක් අද(06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගොස් ඇත..ඒ අතරේ දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වා ගැනීමට හෝ පිටත් කිරිම සඳහා අද පස්වරු 1:45ට තවත් විශේෂ ගුවන් යානයක් ඉන්දුනීසියාව බලා පිටත් කර යවන බව දීපාල් පෙරේරා මහතා සඳහන් කොට තිබේ