ශ්‍රී ලංකාවේ ලොකුම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දරින්

ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදු කරන ලද නල ළිං කැණීමකදී ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය හමු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ ප්‍රකාශ කළේ විනාඩියකට ලීටර් 10,000 හෙවත් ඝන මීටර් 10ක අඛණ්ඩ ප්‍රවාහයක් සහිත ජල මූලාශ්‍රයක් රට තුළින් හඳුනාගෙන ඇති පළමු අවස්ථාව මෙය බවයි.මීට පෙර විශාලතම භූගත ජල මූලාශ්‍රය මඩු ප්‍රදේශයෙන් සොයා ගත් බවත්, එය විනාඩියකට ලීටර් 7,000ක ප්‍රවාහයක් වාර්තා කළ බවත් ඔහු සඳහන් කළේය.තාක්ෂණික උපකරණ භාවිත කරමින් පාෂාණ ස්ථර අධ්‍යයනය කිරීමෙන් සහ ස්ථර බිඳීම් හරහා භූගත ජලය පවතින ස්ථාන හඳුනා ගැනීමෙන් පසුව නළ ළිඳේ කැණීම් කරන ලදී.මෙම භූගත ජල මූලාශ්‍රය මුල් කොට පිටබැද්දර, මොරවක සහ අවට තදාසන්න ප්‍රදේශවල ජල හිඟයකට මුහුණ දෙන පදිංචිකරුවන්ට මෙම ජලය බෙදා හැරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාගතයේ දී පියවර ගනු ඇත

කාලීන පුවත්