ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් සම්පුර්ණයෙන්ම නිදහස ලත් දිනය වන ජන රජ දිනය අදට යෙදී තිබේ.1972 වසර් මැයි මස 22 වනදා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය.එදින දහවල් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ වීම මීට වසර 53 කට ඉහත අද වැනි දිනක සිදුවිය.