ශාන්ත කුමාර විතාන හෙවත් “ශකුවි” දුටු අහස පොළව අතර වෙනස

vinivida

දැනට දශක හතරක පමණ සිට අප රටේ ජන මාධ්‍ය පරිශීලකයන්ට හා සාහිත්‍ය රසකාමීන්ට කෙමෙන් හුරු වූ ශාන්ත කුමාර විතාන නම මේ වන විට අතිශයින් ප්‍රකට වී ඇති බව රහසක් නොවෙයි.ඒ මේ වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඔහු ගේ නම පුවත් පත් ලිපි-විශේෂාංග,නව කතා,කෙටි කතා සහ කවි ආදී නොයෙකුත් මාධ්‍යයන් ඔස්සේ   මනාව ජන ගත වී තිබීම නිසයි.සිය ලේඛන කටයුතු වල දී ශාන්ත කුමාර විතාන යන තම සුපුරුදු නාමය සේම ඇතැම් විට “ශකුවි”යන කෙටි ආරාඪ නමින් ද පාඨකයන් හමුවට එන  ශාන්ත කුමාර එ නමින් ලියූ කෙටි කාව්‍ය සංකල්පනාවක් අද අපි ඔබ හමුවට ගෙන එනවා.යමක වෙනස් හා දුරස්ථ බව පිළිබඳව පැවසීමට පොදු ජන වහරේ එන අහස පොළව සංකල්පය මුල් කොට වදන් කිහිපයකින් ප්‍රේමය පිළිබඳ යම් විවරණයක් කිරීමට ශාන්ත කුමාරයන් ගෙන ඇති මේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබඳ තීරණය ඔබට පවරා ඔහු කවි ඇසින් දුටු මෙම “වෙනස”කෙරෙහි අපි ඔබගේ ගේ අවධානය යොමු කරමු.

වෙනස

වස්සාන අහස යට
සොම්නසින් තටු සලන
ලිහිණියෙකු සේ ඔබ ද සතුටින්
වහින්නට අරඅඳින
අසෙනි පුපුරයි අහස
මලකි මා හිඳිනු බැරි නිදුකින්

ඔබට හිමි වූ අහස
නිරවුල්ය සුවිසල්ය
බැඳී නැත වැටකඩොලු කිසිවක්
ඉගිල්ලී යා හැකිය
ජීවිතය ඔබට පෙම් කවියක්

මට උරුම රළු පොළව
හැම තැනම වැටවල්ය
මුර කපොලු තනා ඇත දහසක්
උයන්පල්ලා රළුය
කියන්නට කවි නොමැත සවියක්

ශකුවි

wall එක