සමගි ජනබල වේගයේ මතු යහ පැවැත්ම සඳහා නව නායකත්වයක් අවශ්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.එමෙන්ම සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සමගියද රැකෙන අන්දමඉන් පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු සේම පුරවැසියා බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළක් පක්ෂය සතු විය යුතු බවද ඔහු කීය.ඊළඟ ආණ්ඩුව දිනා ගැනීමේ වැඩපිළිවෙලක් තුළ වෙනස් වීම පක්ෂය තුළ අත්‍යවශ්‍යම සිදුවීමත් බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාම සඳහා තම පක්ෂයේ වැඩපිළිවෙල සඳහා හැකියාව දැනුම දැක්ම ඇති නව නායකත්වයක් වෙත පැවරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ මහතා පැවසුවේය. ඒ මාධ්‍ය හමුවක් අමතමිනි.