සමන් ඒකනායකට CID ය එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී තිබේ.හිටපු ජනාධිපති ලේකම් වරයා පවසනුයේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියදී පෙරවරු 8.30ට පමණ එම දැනුම්දීම ලැබුණු බවකි.ඒ අනුව ඔහු ආපසු හැරී ගොස් තිබේ.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.එමෙන්ම මීට පෙර අවස්ථාවක ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.එමෙන්ම මෙම නොවිධිමත් විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය මඟින් නුදුරේ දී සමස්ත රාජ්‍ය සේවා යාන්ත්‍රණයම බිඳ වැටිය හැකි බව රාජ්‍ය පරිපාලනය සම්බන්ධ ප්‍රවීණයන් කිහිප දෙනකු විසින්ම මේ වන විටත් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්