සරසවි ගැටළු වලට විසඳුම් නොලැබුණොත් ඊළඟ සිසු කණ්ඩායම බඳවා ගන්නේ නෑ මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටළු වලට ආණ්ඩුවෙන් විධිමත් විසඳුම් නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්ය ප්‍රජාව තීරණයක් ගන්නා බව විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ (ෆුටා) සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා පවසයි. රජයෙන් අවශ්‍ය සම්පත් ලබා නොදී නවක සිසුන් බඳවා ගන්න යැයි ආචාර්යවරුන්ට උපදෙස් නොදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සභාපතිවරයා කියා සිටියි.විශ්ව විද්‍යාලවල පවතින භෞතික හා මානව සම්පත් හිඟය හේතුවෙන් සිසුන් ගස් යට තබාගෙන පවා ඉගැන්වීමට සිදුව ඇතැයි කී හෙතෙම ආචාර්ය හිඟය, ප්‍රතිපාදන කප්පාදුව, භෞතික හා මානව සම්පත් ගැටළු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උනන්දුවක් නොමැති බව සඳහන් කරයි.පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව සමඟ පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථ වූ බව කී මහාචාර්ය වීරතුංග මහතා ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පමණක් ඉල්ලීම් දිනාගැනීමට තීරණය කළ බවත්, එහි පළමු පියවර වශයෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් උද්ඝෝෂණ හා සංකේත වැඩ වර්ජනයක් සාර්ථකව සිදුකළ බවත් ප්‍රකාශ කරයි.එමෙන්ම ඉදිරියේදී විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව සමාජය තුළ කතිකාවක් නිර්මාණය කරන බව ද සභාපතිවරයා පැවසීය.ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(30) පැවැති මාධ්‍ය හමුවක දී ය.