සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගත කිරීම ගැන මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක්

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂිත බන්ධනාගාරයක රඳවා ගන්නා ලෙස නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරුන්ට චක්‍රලේඛයකින් දැනුම් දීමක් කර තිබේ.එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සහ දඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ අධිකරණ නියෝග නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 2012 වර්ෂයේ මැයි මස 11 වන දින නිකුත් කර ඇති චක්‍රලේඛය යාවත්කාලීන කරමිනි.

කාලීන පුවත්