මිනිසා සහ සොබාදහම අතර තිබිය යුතු අවියෝජානීය සබැඳියාවට පූජනීයත්වයක් ආරෝපණය කෙරෙන තෛපොංගල් දිනය අදට ( 15) යෙදී තිබේ. තෛපොංගල් යනු ලොව පුරා වසන හින්දු භක්තිකයන් සහ දෙමළ ජනතාව ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන අස්වනු නෙළීමේ මංගල්‍යයයි. මෙය ස්වභාවධර්මයට, විශේෂයෙන්ම සූර්යයාට සහ ගවයන්ට කෘතගුණ දැක්වීම සඳහා වෙන් වූ දිනයකි. ලෝකය පුරා විසිරී සිටින මිලියන 80කට අධික දෙමළ ජනතාව සහ හින්දු භක්තිකයන් තෛපොංගල් උත්සවය සමරනු ලබන බව ගණන් බලා ඇත. මෙය ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමරනු ලැබුවත්, දෙමළ ඩයස්පෝරාව (විදේශගත දෙමළ ජනයා) වෙසෙන සෑම රටකම පාහේ මෙය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරති..කෘෂිකර්මාන්තයට අවශ්‍ය හිරු එළිය ලබා දීම ගැන ස්තූති කිරීම සඳහා උදෑසනම සූර්යයා වෙනුවෙන් පූජාවන් පැවැත්වීම හාඅලුත් සහල්, හකුරු, කිරි සහ මුං ඇට යොදාගෙන මැටි වළඳක බත් පිසීම මෙහි ප්‍රධාන චාරිත්‍රයයි.පොන්ගල් යන්නෙහි අරුත උතුරා යාම වන අතර හින්දු දින දර්ශනයේ එන තායි මාසයේ කිරි උතුරා යාම සෞභාග්‍යයේ සලකුණක් ලෙස සැලකේ.නිවෙස් ඉදිරිපිට සහල් පිටිවලින් අලංකාර “කෝලම්” රටා ඇඳීමෙන් නිවසට වාසනාව සහ සිරිකත පැමිණෙන බව විශ්වාස කෙරේ.එමෙන්ම ගොවිතැන් කටයුතු සඳහා සහය වන ගවයන් නෑවීම, සැරසීම සහ ඔවුන්ට ආහාර ලබා දීම ද තෛපොංගල් දිනයේ දී සිදු කෙරේ.
.
.