“සැළලිහිණියා” සේවක අර්ථ් සාධකය නොතකා හැරලා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ද, 2024 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු හා මැයි මාසවල ද, මේ වසරේ (2025) මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවල ද සේවක අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති බව පවසමින් එහි වෘත්තීය සමිති හතක් කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය, නිදහස් සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, කාර්මික නිලධාරීන්ගේ සේවක සංගමය, නිෂ්පාදන සේවා සේවක සංගමය හා රූපවාහිනී නිෂ්පාදකවරුන්ගේ සංගමය අදාළ ලිපියට අත්සන් කර තිබේ.මෙහි පිටපත් ජනාධිපති ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් හා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද යොමුකර ඇත.

කාලීන පුවත්