සුළඟින් හානි වූ නිවාස සඳහා වන්දි වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක්

පසුගිය දිනවල පැවැති දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ උපදෙසකට අනුව ය.ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසුවේ ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කොට තිබේ.

කාලීන පුවත්