අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මැතිවරණ නිහඬ සමයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ජනතාවට උපදෙස් ලබා දීම සම්බන්යෙන් මැතිවරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසීය.ඔහු මේ බව පැවසූවේ මැයි 05 වන දින අගමැතිවරිය රැස්වීමක් අමතමින් “ඔබ නිහඬ වෙන්න ඕනේ නැහැ, ෂේප් එකේ වැඩේ කරන්න” යැයි කියමින් මැතිවරණ නීති කඩකිරීමේ කතාව සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය.අගමැතිනි හරිනි අමරසූරය මෙනෙවියගේ කතාව සම්බන්ධයෙන් අපේක්ක්ෂකයන් සහ මැතිවරණ නීරීක්ෂණ සංවිධානවලින් මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි මත මැයි 06 වන දින අදාළ ලිපිය වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව රත්නායක පැවසීය.