දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හාස්කම් සඳහා ප්‍රකට පුදබිමක් වන කසිබුගා හි ශ්‍රී ශ්‍රී වෙන්කතේශ්වර ස්වාමි කෝවිලේ ඇතිවූ තෙරපීමක් හේතුවෙන් බැතිමතුන් 9 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙකු සහ කුඩා පිරිමි දරුවකු ද සිටි බව පැවසෙයි. ඉන්දීය මාධ්‍ය පවසා ඇති අන්දමට එම ස්ථානයේ 25,000 කට ආසන්න බැතිමතුන් පිරිසක් රැස්ව සිට ඇති අතර මෙම කෝවිල ජනතාව අතර අතිශය ජනප්‍රිය මුත් රජයේ ලියාපදිංචි කෝවිලක් නොවන බවද කියනු ලැබේ.කෝවිල වෙත වෙනම ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු ද තිබී නැත.මියගිය අය වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ද සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් 200,000 ක ( ශ්‍රී ලංකා රුපියල් 686490.32) වන්දි ගෙවීමක් සිදු කරන බවත්, තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 ක් (ශ්‍රී ලංකා රුපියල්171622.58) බැගින් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.