හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තමන් අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා අධිකරණවලට යෑමේ අවශ්‍යතාවක් තමාට නොමැති බවත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණය හමුවට ගිය ද තමන් ඊට සහාය නොදෙන බවත් වික්‍රමසිංහ එහිදී පවසා තිබේ.
තමන් ද ඇතුළුව හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු වරප්‍රසාද අඩු කිරීමට එරෙහිව කණ්ඩායමක් වශයෙන් මේ දක්වා සාකච්ඡා කර නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් ඒ සඳහා පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකර අධිකරණ ක්‍රියාවලිය සිදුකරන ලෙසට හිටපු ජනපතිවරුන්ට නීති උපදෙස් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කර ඇත.හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු වරප්‍රසාද අඩු කිරීමට එරෙහිව කණ්ඩායමක් වශයෙන් මේ දක්වා සාකච්ඡා කර නැතැයි ද රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වරක් තමන් සමග මේ සම්බන්ධයෙන් කතා කළ බවත් තවත් අවස්ථාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවී ජනපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව අදහස් ඉදිරිපත් කළ බවත් එය ඒ සම්බන්ධ සාමාන්‍ය කතා බහක් පමණක් බවත් ඔහු පවසා තිබේ.එමෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයට නොයන බව මීට පෙර ප්‍රකාශ කොට තිබේ.