හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු කැඳවීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා ගෙන තිබේ.එම විමර්ශනයට භාජනය වී ඇත්තේ හිටපු ජනාධිපති වරයා නිව්යෝර්ක් නුවර නිල සංචාරයක යෙදීමෙන් පසු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ගමනකි.මෙම සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කාලීන පුවත්